අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017/18 විදුලිබල සැපයුම් කර්මාන්ත සම්මන්ත්‍රණය ලංකාවේ දී

    දෙසැම්බර් 09, 2014
    නැගෙනහිර ආසියාව හා බටහිර පැසිෆික් විදුලිබල සැපයුම් කර්මාන්ත සංගමය (Association of the Electricity Supply Industry of East Asia and the Western Pacific(AESIEAP)) විසින් 2017/18 විදුලිබල සැපයුම් කර්මාන්ත සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇත.
     
    මෙම සම්මන්ත්‍රණය සඳහා 200ත් 2000ක් අතර විදේශ නියෝජිතයන් පැමිණෙන අතර AESIEAP හි ප්‍රධාන විධායක නිලධාරීන් මෙය සංවිධානය කරනු ඇත. දින 2ක සම්මන්ත්‍රණය කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇති අතර දිවයිනේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වෙත සංචාරය කිරීමට විදේශ දූත පිරිස් වෙත අවස්ථාව ලබා දීමට නියමිතය.
     
    කලාපයේ විදුලිබල සැපයුම් කර්මාන්තයේ පවතින ගැටලු හදුනාගෙන ඒවාට විසඳුම් සොයා කලාපයේ විදුලි බල සැපයුම් කර්මාන්තය සංවර්ධනය කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වේ.
     
    ශ්‍රී ලංකාව තුළ විදුලිබල කර්මාන්තය සඳහා විදේශ අයෝජකයින් දිරි ගැන්වීමටත්, සහයෝගීතාව ප්‍රවර්ධනය කරගැනීමට හා විශේෂඥ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත්, ගැණුම්කරුවන්ගේ තොරතුරු රැස්කිරීම තුළින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමටත් මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් වනු ඇත.
     
    මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බැවින් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට අවස්ථාව ලැබේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya