අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිලිපීනයේ ජනතාව හගුපිට් සුළි සුළඟින් පීඩාවට

    දෙසැම්බර් 07, 2014

    හගුපිට් සුළි සුළඟින් නැගෙනහිර පිලිපීනයේ වෙරළාසන්න ප‍්‍රදේශවලට සහ සමාර් දිවයිනට විශාල හානි සිදු ව ඇති බවත් මිලියන භාගයකට අධික පිලිපීන ජනතාව පීඩාවට පත්ව ඇති බවත් පිලිපීන වාර්තා සඳහන් කරයි.

     

    ඊයේ (06) පැයට කිලෝමීටර් 210 ඉක්ම වූ වේගයකින් නැගෙනහිර පිලිපීනයේ බොරොන්ගන් ප‍්‍රදේශය හරහා මෙම සුළි සුළඟ හමා ගොස් ඇත. වෙරළාසන්න ප‍්‍රදේශවල නිවෙස් රැසකට හානි සිදුව ඇති අතර, ඇතැම් ප‍්‍රදේශවල ජල ගැලීම්ද වාර්තා වන බව සඳහන් වේ. මුහුදේ ඇතැම් ස්ථානවල මීටර් 4.5 ඉක්ම වූ උස් රළ ඇතිවිය හැකි බවට පිලිපීන බලධාරීන් අනතුරු අඟවා තිබේ. තවදුරටත් මෙම සුළිසුළඟ පැවතිය හැකි බවට ද ඔවුන් අනතුරු නිවේදන නිකුත් කර ඇත.

     

    පසුගිය මාස 13ක කාල සීමාවේ දී ලෝකයේ ඇති වූ දරුණුතම සුළිසුළඟ මෙය වේ.

     

    මේ නිසා පිලිපීන ගුවන් සේවය සහ සේබු පැසිෆික්, අභ්‍යන්තර ගුවන් සේවා අවලංගු කර ඇති අතර නාවික යාත‍්‍රා ගමනාගමනයද අත්හිටුවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya