අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ සන්නිවේදන චන්ද්‍රිකාවක් උඩු ගුවනට

    දෙසැම්බර් 07, 2014

    ඉන්දියාව විසින් සන්නිවේදන චන්ද්‍රිකාවක් අද (07) ගුවන් ගත කෙරූ බව හින්දු පුවත් පත වාර්තා කරයි.


    මෙම සන්නිවේදන චන්ද්‍රිකාව ප‍්‍රංශ ගයානාවේදී උඩු ගුවනට යවා ඇති අතර යුරෝපීය අභ්‍යාවකාශ ආයතනයට අයත් ඒරියාන් පහ රොකට්ටුවකින් මෙය උඩු ගුවනට යැවූ බව ඒරියාන් ස්පේස් වෙබ් අඩවිය පළ කර ඇත. මෙම චන්ද්‍රිකාව ඉන්දියාවේ නිෂ්පාදනය වූවකි.


    නව චන්ද්‍රිකාව පොදු හා පෞද්ගලික රූපවාහිනී, ගුවන් විදුලි සන්නිවේදන කටයුතු සඳහා ද අන්තර්ජාල හා දුරකතන සන්නිවේදන කටයුතු සඳහා ද යොදාගැනීමට නියමිතයි.
     

    පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමය සැලසුම් කළ නමුත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය කල් දැමිණි.
     

    ඒ අනුව අද පාන්දර උඩු ගුවනේ රැඳ වූ චන්ද්‍රකාව මෙතෙක් ඉන්දියාව යැවූ චන්ද්‍රිකා අතරින් විශාලතම චන්ද්‍රිකාව වන අතර එය යහපත් තත්ත්වයේ පසුවන බව ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කරයි.


    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya