අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශාක පරීක්ෂාව හා නිරෝධායනයට ශ‍්‍රී ලංකාව හා චීනය අතර යෝජිත අවබෝධතා ගිවිසුමක්

    දෙසැම්බර් 06, 2014
    ශාක පරීක්ෂාව හා නිරෝධායන කටයුතුවල සහයෝගිතාව උදෙසා ශ‍්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජිතය.
     
    ශ‍්‍රී ලංකාව හා චීනය තම රටවල වෙනත් රටවලින් ඇතුළු වී පැතිර යා හැකි ශාක පලිබෝධ රට තුළට ඇතුළු වී පැතිරීයාම වැළැක්වීම තුළින් කෘෂි හා වන සම්පත් නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ශාක හා ශාක නිෂ්පාදන වෙළෙඳාම ප‍්‍රවර්ධනය කිරීම මෙම අවබෝධතා ගිවිසුමෙන් බලාපොරොත්තු වේ.
     
    ශාක පරීක්ෂාව හා නිරෝධායන ක්ෂේත‍්‍රයන් හි ද්විපාර්ශ්වික සහයෝගිතාව ප‍්‍රවර්ධනය හා ශක්තිමත් කිරීම උදෙසා මෙම අවබෝධතා ගිවිසුම හරහා ක‍්‍රියාත්මක කරන ක‍්‍රියාකාරකම් ඒ ඒ රටවල නීති හා රෙගුලාසිවලට යටත්ව ක‍්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ද අනුමැතිය ලැබී ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya