අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස හා යටිතල පහසුකම් සඳහා ආයෝජනයට ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට ඇරයුම්

    දෙසැම්බර් 05, 2014

    පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයා චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි මහතා විසින් ශ්‍රී ලංකාවේ නිවාස හා යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ආයෝජනයට පකිස්තානයට ඇරයුම් කර ඇත.

     

    ඊයේ (04) ඉස්ලාමාබාද් හිදී පකිස්තානයේ මුදල් ඇමති සෙනෙට් මණ්ඩල සාමාජික මොහොමඩ් ඉෂාක් දාර් මහතා හමු වූ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

     

    දෙරට අතර මිත්‍රත්වය හුවමාරු කරගනිමින් එය තවතවත් පුළුල් කර ගැනීමට පකිස්තානය කැමත්තෙන් පසුවන බව මුදල් ඇමති විසින් මහ කොමසාරිස්වරයා පිළිගනිමින් පවසා ඇති බව පකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.


     
    මෙම අවස්ථාව වන විටත් කලාපයේ අනෙකුත් ආයෝජකයින් ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති සඳහා ආයෝජනය කරමින් සිටින බව ශ්‍රී ලංකා රාජ්‍ය දූතයා මොහොමඩ් ඉෂාක් දාර් මහතාට ප්‍රකාශ කර ඇත.


     
    මෙම යෝජනාව පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බවත් පකිස්තානයේ ආයෝජකයින්ගේ සීමාවන් පුළුල් වේ නම් තමා කැමති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    තවද පකිස්තානයේ වත්මන් දේශපාලනික තත්වය පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ මහ කොමසාරිස්වරයා පකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදයට රාජ්‍යතාන්ත්‍රික සමූහය උපරිම සහය දක්වන බවත් කියා සිටියේය.

     

    එළඹෙන ජනාධිපතිවරණයට සුභාශිංසන ප්‍රාර්ථනා කළ මුදල් අමාත්‍යවරයා පකිස්තානය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමේ දී ඉදිරියේදීත් අන‍‍යෝන්‍ය මිත්‍රත්වය හා සහයෝගය දිගටම පවත්වාගන්නා බව ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya