අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්‍රං ජාවාරම සඳහා යොදා ගන්නා නවතම මාර්ගය ශ්‍රී ලංකාව - DRI

    දෙසැම්බර් 05, 2014

    ශ්‍රී ලංකාව හරහා රැගෙන ආ රත්‍රං තොගයක් චෙන්නායි සහ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකදී සොයාගෙන ඇති බව ඉන්දීය ආදායම් බුද්ධි තොරතුරු [Directorate of Revenue Intelligence (DRI)] අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර ඇති බව හින්දු පුවත් වාර්තා කරයි.

     

    බංග්ලාදේශ්, මියන්මාර්, නේපාල් සහ පකිස්තාන් වැනි රටවලට පසු ව සොයා ගෙන ඇති නවතම මාර්ගය ශ්‍රී ලංකාව හරහා රත්‍රං ජාවාරම සිදු කිරීම බව පෙනෙන්නට ඇත.

     

    රත්‍රං ජාවාරම කෙතරම් දුරකට ප්‍රමාණාත්මතව පුළුල් වී ඇත්දැ යි බුද්ධි තොරතුරු ඒකක විසින් සොයා ගනු ලැබ ඇති තොරතුරුවලින් අනාවරණය වී ඇත. 2014 අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා සොයාගත් රත්‍රං තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 150 දක්වා වැඩි වී ඇත. මීට පෙර ඒ හා සමාන කාලසීමාවේ දී සොයාගෙන ඇති රත්‍රං තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 75කි. එසේම 2014 අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා මෙවැනි සිද්ධීන් වාර්තා වීම සියගුණයකින් ඉහළ ගොස් ඇත.

     

    ශ්‍රී ලංකාව ඇතුළු බංග්ලාදේශ්, භූතාන්, නේපාල්, මියන්මාර් යන රටවල රේගු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කලාපීය රේගු රැස්වීමේ දී මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලැබූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya