අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි සතියේ රුසියානු ජනපති ඉන්දියාවේ සංචාරයක

    දෙසැම්බර් 04, 2014
    ඉන්දියාවේ හා රුසියාවේ නායකයෝ වාර්ෂික ව සිදු කරන සාකච්ඡාව සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මැතිතුමා එක් දින සංචාරයක් සඳහා එළඹෙන සතියේ බ්‍රහස්පතින්දා (11) ඉන්දියාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
     
    පුටින් මැතිතුමා ඉන්දියාවට පැමිණි වහාම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවන බවත් ඉන්පසු ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභා සහ රාජ්‍ය සභාවල හවුල් සැසියකට සහභාගී වීමට නියමිත බවත් ප්‍රෙන්ස ලතීන ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කර ඇති බව ඒෂියන් නිවුස් ඉන්ටර්නැෂනල් ඒජන්සිය (ANI) සඳහන් කරයි.
     
     
    මෙවර දෙරට අතර 15වැනි සමුළුවේ දී වැදගත් ගිවිසුම් රැසක් අත්සන් තැබීමට ද නියමිතය.
     
     
    පසුගිය නොවැම්බර් මාසයේ නව දිල්ලියේ දී පැවති වාණිජ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ඉන්දීය හා රුසියානු අන්තර් රාජ්‍ය කොමිසමේ දී ද්විපාර්ශවීය උපායශීලී හවුල් සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් තාක්ෂණික අංශයට ප්‍රමුඛත්වයක් ලබා දෙන ලදී.
     
     
    මෙදින යෙදෙන රුසියානු ජනාධිපතිගේ ඉන්දීය සංචාරයේ දී මෝදි මැතිතුමා හමුවීම ඇතුළු සියලු ම වැඩසටහන් න්‍යාය පත්‍රය ඉන්දීය හා රුසියානු අන්තර් රාජ්‍ය කොමිසම පැවැත්වෙන අතරතුර එහි රුසියාව වෙනුවෙන් මුලසුන හෙබ වූ රුසියානු සමූහාණ්ඩුවේ පළමු නියෝජ්‍ය ඇමති ද්මිත්‍රි රොගෝසින් (Dmitry Rogozin) විසින් සැකසූ බව ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya