අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික ආපදාවන් සඳහා පෙර සුදානමට ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රසාදය

    දෙසැම්බර් 03, 2014

    ස්වභාවික ආපදාවන්ට මුහුණදීම සඳහා ශී‍්‍ර ලංකා රජය අනුගමනය කරන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු රජය ප‍්‍රශංසාව පළ කර තිබේ.


    පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ඇතුළු ස්වභාවික ආපදාවන්ට ප‍්‍රතිකි‍්‍රයා දැක්වීම සඳහා ගනු ලබන අනෙකුත් කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියා රජය මෙලෙස ප‍්‍රශංසාව පළ කර ඇති බව සඳහන් වේ.

    එසේම ඉන්දීය සාගර ආශ්‍රිතව ඇති වූ සුනාමි ව්‍යසනයෙන් වසර 10ක් ගතවීම සඳහා පවත්වන ලද අනුස්මරණ උත්සවයක් අමතමින් මෙරට  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මුඩි මහත්මිය මේ බව ප‍්‍රකාශ කර තිබේ.

    ශී‍්‍ර ලංකාවේ සුනාමි ව්‍යසනයට මුහුණ දුන් ප‍්‍රදේශ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙරට රජය කඩිනම් පියවර ගෙන ඇති බව  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය ප‍්‍රකාශ කර ඇත.

    2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඇති වූ සුනාමි ව්‍යවසනය හේතුවෙන් මෙරට පුද්ගලයින් 35,000ක් පමණ මියගිය අතර තවත් ලක්ෂ 04කට ආසන්න පිරිසක් අවතැන් වුණි.

    එම අවතැන් වූ පිරිස් සඳහා අවශ්‍ය මානුෂීය සහය සැමවිටම ලබාදීමට ඕස්ටේ‍්‍රලියානු රජය ද කැපවීමෙන් කටයුතු කරන බව මහ කොමසාරිස් රොබින් මුඩි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya