අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බර ඉසිලීමේ කණිෂ්ඨ තරගාවලියේ දී නුවරඑළියෙන් ජයග්‍රාහකයන් දෙදෙනෙක්

    දෙසැම්බර් 03, 2014
    ජාතික බර ඉසිලීමේ කණිෂ්ඨ තරගාවලියේ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ තරගකරුවන් දෙදෙනෙකු පසුගිය දා ජයග්‍රහණය කළ අතර මෙම තරග ඉසව් පසුගියදා පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්විණි. 
     
    ඒ අනුව වයස අවුරුදු 20න් පහළ කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය නියෝජනය කළ කොත්මලේ පදිංචි ඩී.එම්.යූ.එන්.පී. හේරත් මැණිකේ තෙවන ස්ථානයත්, වයස අවුරුදු 17න් පහළ කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදුණු වයි.බී. නිරංග රමේෂ් මධුසංඛ තෙවන ස්ථානයත් මෙහි දී දිනා ගැනීමට සමත් වූහ. 
     
    වසරක් වැනි කෙටි කාල සීමාවක් තුළ බර ඉසිලීමේ ක්‍රීඩාව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන්නට යෙදුණු අතර එබැවින් ලබා ගත් ජයග්‍රණය සුවිශේෂී වේ. මෙය බර ඉසිලීමේ ක්‍රීඩාවක් සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය පළමු වරට ලද ජාතික තලයේ ජයග්‍රහණයකි. නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන ඒකකයට අනුයුක්තව සේවය කරනු ලබන ක්‍රිඩා නිලධාරීනී සචිත්‍රා නිර්මාණි මහත්මියගේ පුහුණු උපදේශකත්වය මත මෙම ජයග්‍රහණ ලැබී තිබේ.
     
    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා මධ්‍යස්ථානය මුල් කරගනිමින් ක්‍රීඩාවන් රැසක පුහුණුවීම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
     
    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya