ක්රීඩාංගණය ඇතුළත නැරඹුම් වපසරිය තුළ නරඹන්නන්ගේ පහසුව ආරක්ෂා කිරීම සඳහා ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගන්නා ලදී.
මෙහි අර්ථය ‘පපරේ‘ සංගීත කණ්ඩායම් තහනම් කිරීම නොවන බවත් අතේ ගෙන යා හැකි නළා හා අනෙකුත් නළා පමණක් තහනම් කිරීම බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේය.
මෙම තහනම අද (03) හම්බන්තොට පැවැත්වෙන එංගලන්තයට එරෙහි ශ්රී ලංකා තෙවන එක් දින තරගයේ සිට ක්රියාත්මක වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේය.
SDF