අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිස් ජාවාරම නැවැත්වීමට ශී‍්‍ර ලංකාවට සහය දෙනවා - ඕස්ටේ‍්‍රලියානු ආගමන විගමන ඇමති

    දෙසැම්බර් 02, 2014

    මිනිස් ජාවාරම නැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකාව සමඟ එක් ව තවදුරටත් කටයුතු කරන බව ඕස්ටේ‍්‍රලියානු රජය අවධාරණය කරයි.


    නීතිවිරෝධී ආකාරයෙන් කිසිසේත්  ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු විය නොහැකි අතර එලෙස පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු අත් අංඩගුවට ගැනීමට කටයුතු කරන බවට ඕස්ටේ‍්‍රලියානු ආගමන විගමන ඇමැති ස්කොට් මොරිසන් මහතා ප‍්‍රකාශ කර ඇතැයි ශී‍්‍ර ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    එලෙස අත් අඩංගුවට ගන්නා පුද්ගලයන් පැපුවා නිව්ගිනියාවට හෝ නාවුරු දූපත් වෙත පිටත්කර හරින බව ද කිසිසේත්ම  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රතිපත්තිය වෙනස් නොවන බව පෙන්වා දෙයි.

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන්  ඕස්ටේ‍්‍රලියාවට පැමිණිමේ මග අහුරා ඇති අතර, එලෙස පැමිණෙන්නන් තවදුරටත් හරවා යැවීමට කටයුතු කරන බව ද එවැනි යාත‍්‍රා අතර මගදී නතර කොට ආපසු හරවා යන බව ද ඇමතිවරයා ප‍්‍රකාශකර තිබේ. එසේ නොමැති නම් වෙනත් රටක් ඉදිරිපත් වනතුරු සරණාගත ඉල්ලීම් සලකා බැලීම සඳහා පැපුවා නිව්ගිනියා නාවුරු දිවයින් වෙත යැවීම සිදුකරන බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

    පසුගිය 26 වැනිදා නීතිවිරෝධී ශී‍්‍ර ලාංකික සංක‍්‍රමණික පිරිසකගේ මුහුදු ගමන නතර කොට ඇති අතර, අදාළ නීතිය කිසිදු වෙනසකින් තොර ව සියල්ලන්ට ම බලපාන පරිදි කි‍්‍රයාත්මක කරන බව ද ඔහු සඳහන් කර ඇත. නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් ඕස්ටේ‍්‍රලියාවට පැමිණීම වැලැක්වීම සඳහා කලාපීය පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරනු ලබන බව ද ශී‍්‍ර ලංකාවෙන් ඕස්ටේ‍්‍රලියාවට පැමිණීම වැලැක්වීම සඳහා කලාපීය පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරනු ලබන බවද ශී‍්‍ර ලංකාවෙන්  ඕස්ටේ‍්‍රලියාවට නීතිවිරෝධී ලෙස පැමිණෙන්නන් වළක්වාලීම සඳහා ලක් රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ද  ඕස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණික ඇමතිවරයා අවධාරණය කර ඇත.

    ඕස්ටේ‍්‍රලියාවේ වෙරළාරක්ෂක බලකාය විසින් අදාළ යාත‍්‍රාව පසුගිය 27 වැනි දා ශී‍්‍ර ලංකා නාවික හමුදාව වෙත භාර දී තිබූ අතර ඉන්දුනීසියාව ආසන්න මුහුදේ දී අත් අඩංගුවට ගෙන තිබේ. මෙම යාත‍්‍රාවේ සිටි පුද්ගලයින් 37 දෙනෙකු මෙරට පොලිස් භාරයට පත්කර තිබෙන අතර සිංහල ජාතිකයන් 13 දෙනෙකු සහ ද්‍රවිඩ ජාතිකයින් 23 දෙනෙකු ද එක් බර්ගර් ජාතිකයෙකු ද වෙයි.

    මෙම යාත‍්‍රාව පසුගිය නොවැම්බර් පළමුවැනිදා නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් රැගෙන ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ඇති බවට පරීක්ෂණවලදී ආනාවරණය වී තිබේ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya