අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාව පොදු සේවා බලකායට

    දෙසැම්බර් 02, 2014
    ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ අවසන් තරග ඊයේ (01) පස්වරුවේ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
     
    එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා සහභාගි විය.
     
    ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය (SLAGSC) හා ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බලකාය (SLAOC) අතර පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය විසින් සමස්ත ශූරතාව ලබාගන්නා ලදී. 
     
    පොදු සේවා බලකායේ ජී.එච්.පී. ඩිලාන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ලබා ගත්තේය.
     
    පසුගිය දිනවල සියලු රෙජිමේන්තුවල සහභාගිත්වයෙන් මූලික වටයේ තරග පනාගොඩ සහ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණවලදී පැවැත්විණි. 
     
    ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා අතින් ජයග්‍රහකයන් වෙත කුලසාන සහ සහතිකපත්‍ර බෙදාදීම සිදු විය.
     
    මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් සංගමය මෙම වොලිබෝල් තරගාවලිය සංවිධානය කොට තිබුණි.
     
    DB/ Army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya