අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියාව හියුස්ගේ නො:64 ටී - ෂර්ටයට සමු දෙයි

    දෙසැම්බර් 01, 2014

    ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් පි‍ලේ ආරම්භක පිතිකරු පිලිප් හියුස්ගේ එක් දින ක්‍රිකට් ටී-ෂර්ටයේ අංකය වූ 64 ඔහුගේ මරණයත් සමඟ කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් නිවේදනය කළේය.

    ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් පි‍ලේ ආරම්භක පිතිකරු 25 හැවිරිදි පිලිප් හියුස් පසුගිය බ්‍රහස්පතින්දා (27) ජීවිතයෙන් සමුගත්තේය.
     


    පසුගිය අඟහරුවාදා (25) පැවැති ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හියුස් රෝහල් ගත කර සිටින අතරතුර දී ඔහු මිය ගියේය.


     
    පිලිප් හියුස් ගේ එක් දින ක්‍රිකට් ටී-ෂර්ටයේ අංකය වූ 64 ඕස්ට්‍රේලියාවේ කණ්ඩායමෙන් ඉවත් කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් ඒ සඳහා එකඟ වූ බවත් මයිකල් ක්ලාක් ප්‍රකාශ කළේය. ඔහුට දක්වන ගෞරවයක් ලෙස එම ටී-ෂර්ටයේ අංකය වූ 64 ඔහු වෙනුවෙන් වෙන් කිරීම ඇතුළු ඔහුගේ මතකය වෙනුවෙන් සියලුම කටයුතු සිදු කරන බවට හියුස් ගේ පවුලේ සාමාජිකයින්ට පොරොන්දු වූ බව ද ඔහු තවදුරටත් පැවසීය.

     

     

    හියුස් ගේ අවමඟුල් උත්සවයේ අවසන් කටයුතු එළඹෙන බදාදා (03) පැවැත්වීමට නියමිත බැවින් ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියානු පළමු එක් දින තරගය බ්‍රහස්පතින්දා (04) නොපැවැත්වේ.


     
    “අපේ විවේකාගාරය (Dressing Room) පෙර පැවැති ලෙස නොතිබෙනු ඇත. අපි ඔහුට ආදරය කළා. ඉදිරියටත් එසේම යි. ඔහු සමාදානයේ සැතපේවා“ යැයි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින් ප්‍රකාශ කළ අතර ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියානු පළමු එක් දින තරගය බ්‍රහස්පතින්දා (04) නොපැවැත්වෙන බවට ද නිවේදනයක් නිකුත් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya