අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊජිප්තුවේ අධිකරණයෙන් හිටපු ජනපති හොස්නි මුබාරක්ට එරෙහි චෝදනා ඉවතට

    නොවැම්බර් 30, 2014
    ඊජිප්තු අධිකරණය විසින් එරට හිටපු ජනාධිපතිවරයා වන හොස්නි මුබාරක් වෙත පවරා තිබූ සියලු ම චෝදනාවලින් නිදහස් කර තිබෙන බව හින්දු පුවත් සේවය වාර්තා කරයි.
     
    2011 ජනවාරි ඊජිප්තු විප්ලවයේ දී සිය ගණනක් විරෝධතාකරුවන් මරාදැමීම පිළිබඳව මීට වසර 2කට පෙර එනම් 2012 ජුනි මාසයේ දී කයිරෝ අධිකරණය විසින් මුබාරක්හට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබුණි.
     
     
    නැවත විභාගයට ගත් නඩුවේ දී හොස්නි මුබාරක් ඇතුළු ඔහුගේ පාලන කාලයේ සිටි හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය හබීබ් එල්-ඇඩ්ලි (Habib El-Adly) සහ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙලෙස චෝදනාවලින් නිදහස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
     
     
    86 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පුතුන් වන ආලා සහ ගමාල් (Alaa and Gamal) ශරීර ඇප මත ඔවුන්ට එරෙහි ව තිබූ දුෂණ චෝදනාවලින් ද නිදොස් කොට තිබේ.
     
     
    නමුත් අයුතු ලෙස මහජන දේපළ අත්පත් කර ගැනීමේ චෝදනාව මත හිටපු ජනාධිපතිවරයාට තවත් අවුරුදු 3ක කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya