අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහේල - සංගා ජය ගෙන එයි - ශ්‍රී ලංකාව 2-0 ලෙස තරගාවලියේ ඉදිරියෙන්

    නොවැම්බර් 29, 2014

    අද (29) පස්වරුවේ අවසන් වුණු ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් එංගලන්තය පරදා කඩුළු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.

    තෙවැනි කඩුල්ලට අගනා ලකුණු 149ක සම්බන්ධතාවක් වාර්තා කරමින් මහේල ජයවර්ධන නොදැවී ලකුණු 77ක් ද කුමාර් සංගක්කාර 67ක් ද නොදැවී ලබාගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය වෙත රැගෙන ගියහ. මෙය ඔවුන් දෙදෙනා එක් ව වාර්තා කළ 15 වැනි ශතක සම්බන්ධතාව ද විණි.

     

    අද පෙරවරු 10.00ට ඛෙත්තාරාම, ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගය ආරම්භ විණි. කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

     

    පන්දු වාර 45කට අද තරගය සීමා කර තිබුණ අතර පන්දු වාර 43කදී එංගලන්ත පිලේ සියලු දෙනා දැවී ගියේ ලකුණු 185ක් වාර්තා කරමිනි. රවි බොපාරා පමණක් ලකුණු 51ක් ලබා ගත්තේය.

     

    පන්දු වාර 45ක දී ලකුණු 187ක ඉලක්කයක් කරා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වන කුසල් ජනිත් පෙරේරා ලකුණු 9කට ද (1/27) තිලකරත්න දිල්ශාන් ලකුණු 26කට ද දැවී ගිය අතර දෙවැනි කඩුල්ල බිඳ වැටෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ 2/37ක් වශයෙනි. ඉන් පසු පිටියට පිවිසි සංගක්කාර හා මහේල එක් වී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෛන ගියේ පන්දු වාර 34.2ක දී තවත් පන්දු 64ක් ඉතුරුව තිබියදීය.

     

    අද තරගයේ වීරයා වූයේ මහේල ජයවර්ධනයි. ඔහුගේ ලකුණු 77ට හතරේ පහර 8ක් හා හයේ පහරවල් 2ක් ඇතුළත් ව තිබිණි.


    තුන්වැනි එක් දින තරගය හම්බන්තොට සූරිය වැව, මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන දෙසැම්බර් 3 වැනිදා පැවැත්වෙයි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya