අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා එංගලන්ත දෙවන එක් දින තරගය අද - පිලිප් හියුස්ට උපහාර දැක්වීමක් සමඟ

    නොවැම්බර් 29, 2014

    ශ්‍රී ලංකා එංගලන්ත පන්දුවාර 50 එක්දින අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියේ දෙවැනි එක් දින තරගය අද (29) පෙ.ව.10.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

    ඔස්ට්‍රේලියානු යොවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක පිලිප් හියුස්ගේ අනපේක්ෂිත මරණය වෙනුවෙන් උපහාර දැක්වීමක් ද අද තරගය ආරම්භයේ දී සිදු කෙරෙන බව වාර්තා වේ.

     

    අද ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජෙලෝ මැතිව්ස්, තිලකරත්න ඩිල්ශාන්, ශමින්ද එරංග, ළහිරු ගමගේ, රංගන හේරත්, මහේල ජයවර්ධන, තිළිණ කන්ඩම්බි, අජන්ත මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, කුමාර් සංගක්කාර සහ ළහිරු තිරිමාන්න යන ක්‍රීඩකයන් අතරින් තෝරා ගැනේ.

     

    පසුගිය බදාදා (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 25ක ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.

     

    පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දු වාර 50 අවසානයේ ලකුණු 317ක් රැස් කරගත් අතර එංගලන්ත පිලට පන්දුවාර 47.1ක දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 292ක් පමණි. එම තරගයේ වීරයා වූයේ ඩිල්ශාන් තිලකරත්නයි. පන්දු 22කදී ලකුණු 30ක් ලබාගත් ජීවන් මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දැක්වීම ද තරගයේ ජයග්‍රහණයට සුවිශේෂී දායකත්වයක් දැක්වීය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya