අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තානයේ බෝම්බ ප‍්‍රහාරය රජය හෙළා දකී

    නොවැම්බර් 08, 2014

    පාකිස්තානයේ වගාහ් නගරය වෙත මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම තරයේ හෙළා දකින බව රජය අවධාරණය කරයි.

    ඉන්දු - පාකිස්තාන දේශ සීමාව ආසන්නයේ පිහිටි පාකිස්තානයේ වගාහ් (Wagah) ප‍්‍රදේශයේදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 60කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබෙන අතර 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

    එල්ල කළ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය තරයේ හෙළා දකිමින් ශී‍්‍ර ලංකාව, රජය සහ ජනතාවගේ කනගාටුව පාකිස්තාන රජය සහ එරට ජනතාව වෙත පළකර තිබෙන අතර මියගිය පිරිස වෙනුවෙන් ශෝකයට පත්වන බව ද තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප‍්‍රර්ථනා කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කර ගෙන කරන මෙවැනි ප‍්‍රහාර සම්බන්ධයෙන් කනගාටුව පළ කරන ශී‍්‍ර ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය එවැනි කි‍්‍රයාවන් පිළිබඳ සහ මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර නතර කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනා එක් ව කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

    තාලෙයිබාන් සංවිධානය විසින් මෙම ප‍්‍රහාරය එල්ල කළ බවට පාකිස්තානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කර තිබෙන අතර තලෙයිබාන් සංවිධානය ද එම චෝදනාව මේ වන තෙක් ප‍්‍රතික්ෂේප කර නොමැත.

    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya