අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සබඳතා

    නොවැම්බර් 07, 2014
    වසර ගණනාවකට පසු සංචාරක කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණින් 2015 වසරට පෙර නේපාලය හා ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සබඳතා නැවත පණ ගැන්වීමට සැලසුම් කරමින් සිටින බව කබර් සවුත් ඒසියා ටුඩේ (Khabar South Asia today) වාර්තා කර ඇත.
     
    නේපාලයේ හා ශ්‍රී ලංකාවේ අගනගර අතර ඍජු ගුවන් සේවාවක් ක්‍රියාත්මක කිරීමට 2009 දී දෙරට අතර ගුවන් සේවා ගිවිසුමක් අස්සන් තබා ඇති අතර එම ව්‍යාපෘතිය 2015 මාර්තු මාසයේ දී ක්‍රියාත්මක වීමට සූදානම් බව කත්මන්දු නුවර කබර් සවුත් ඒසියා ටුඩේ පුවත් ප්‍රකාශය පවස යි.
     
     
    මිහින් ලංකා ගුවන් සේවය කොළඹ සහ කත්මන්දු අගනගර අතර එළඹෙන මාර්තු මාසයේදී ඍජු ගුවන් වාර ක්‍රියාත්මක වීමට නියමිත ය. මේ සඳහා අවශ්‍ය පෙර සැලසුම් මේ වන විටත් සිදු කර ඇති බව නේපාලයේ ශ්‍රී ලාංකා තානාපති ඩබ්. එම්. සෙනෙවිරත්න මහතා කබර් සවුත් ඒසියා සමඟ ප්‍රකාශ කර ඇත.
     
     
    මේ සඳහා නේපාලයෙන් සිදුවිය යුතු පෙර සැලසුම් කටයුතු සම්පූර්ණ කර ඇති බව නේපාලයේ සංස්කෘතික, සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ප්‍රකාශක  මොහාන් ක්‍රිෂ්ණා සැප්කොටා මහතා ප්‍රකාශ කර ඇත. මෙමඟින් නේපාලයේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහාත් දෙරට අතර මිත්‍රත්වය දියුණු කර ගැනීම සඳහාත් අපේක්ෂා කරන බව ඔහු පවසා ඇත.
     
     
    1980 වසර දක්වා නේපාලයේ ජාතික ගුවන් සේවාව වන රාජකීය නේපාල ගුවන් සේවා සංස්ථාව කත්මන්දු සිට කොළඹ දක්වා සතිපතා ඍජු ගුවන් සේවාවක් ක්‍රියාත්මකව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ත්‍රස්තවාදය හා ගුවන් ආරක්ෂක හේතූන් මත නේපාලය විසින් එම සේවාව අත්හිටුවා ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya