අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 අයි.සී.සී සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන දෙකකට සංගක්කාර සහ මැතිව්ස් නිර්දේශ වේ

    නොවැම්බර් 07, 2014
    2014 අයි.සී.සී ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශ්ෂ්ටතම ක්‍රීඩකයා සහ වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රීඩකයා සම්මාන සඳහා ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් සහ කුමාර් සංගක්කාර නිර්දේශ වී ඇත.
     
    ඒ අනුව වසරේ විශ්ෂටතම ක්‍රීඩකයා සඳහා මිචෙල් ජොන්සන්, ඇන්ජලෝ මැතිව්ස්, කුමාර් සංගක්කාර සහ ඒ.බී. ඩිවිලියර්ස් යෝජනා වී ඇත.
     
    වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මිචෙල් ජොන්සන්, ඇන්ජලෝ මැතිව්ස්, කුමාර් සංගක්කාර සහ ඩේවිඩ් වෝනර්ගේ නම් යෝජනා වී ඇත.
     
    වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කොට ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ රංගන හේරත් ද ඇතුළත් වී ඇත.
     
    වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වය මහේන්ද්‍ර සිං දෝනිට හිමි වී ඇති අතර එම කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් අජන්ත මෙන්ඩිස් ඇතුළත් වී ඇත.
     
    20 - 20 දක්ෂතාව සඳහා ඇලෙක්ස් හේල්ස්, අරොන් ෆනිච් සමඟ රංගන හේරත් නිර්දේශ වී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya