අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු ක්‍රීඩකයන් ඇගයීමේ වර්ණ රාත්‍රිය

    නොවැම්බර් 06, 2014

    මව්බිමේ ස්වෛරීයත්වය වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටුකරමින්,1881 වර්ෂයේ ආරම්භ වී ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව තම රෙජිමේන්තුවෙහි නාමය දෙරණ පුරා බැබළ වූ ක්‍රීඩකයින් ඇගයීමේ වර්ණ රාත්‍රිය පෙරේදා (04) සන්ධ්‍යාවේ කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.


    මෙහිදී  සුදුසුකම් ලැබු ක්‍රීඩකයින් 137 දෙනෙකු අතුරින් 80 දෙනෙකු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා අතින් රෙජිමේන්තු වර්ණ ලබා ගත්හ.


    ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ඒ.ඩී.ඒ. කරුණාසේකර විසින් පිළිගැනීමේ කතාව සිදුකරන ලදී. දේශය වෙනුවෙන් දිවි පිදු අභීත රණ විරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවකින් පසුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ගීතය ගායනා කෙරිණි. ඉන් පසු 2014 වර්ෂයේ දක්ෂත ම ආබාධිත ක්‍රීඩකයා ලෙස කෝප්‍රල් එස්.ඩී. මදුරාව සහ දක්ෂතම 2014 වර්ෂයේ දක්ෂත ම ක්‍රීඩකයා ලෙස දෙවන ලුතිතන් ආර්.පී.ඩබ්.එල්. දයාරත්න කුසලාන සහ සහතිකපත් ලබා ගත්හ.

    සංගීතය සහ වර්ණවත් සංස්කෘතික අංගයන්ගෙන් ද මෙම වර්ණ සැඳෑව තව තවත් ආලෝකමත් වූ අතර ම, මෙම අවස්ථාව සඳහා යුද හමුදා ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ,  නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ යන මහත්වරු යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දමයන්ති රත්නායක මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya