ආරක්ෂක සේවා ක්රීඩා උළෙලේ සමාප්ති උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ලුතිතන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් අද ( 05) සුගතදාස ක්රීඩාංගණයේ දී පැවැත්වේ. 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම ක්රීඩා උළෙල ක්රීඩා ඉසව් 36කින් සමන්විත වන අතර මෙවර සත්කාරකත්වය ශ්රී ලංකා නාවික හමුදාව විසිනි. මේ සඳහා ත්රිවිධ හමුදාව නියෝජනය කරමින් අති විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය. DB