අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලිය දින තුනක්

    නොවැම්බර් 04, 2014

    8 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (03) ආරම්භ වූ අතර මේ තරගාවලිය හෙටත් (05) පැවැත් වේ.


    මීට පෙර පැවති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලි 7හි ම අඛණ්ඩව සමස්ත ශූරතාව දිනාගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලිය සඳහා යුද හමුදා ක්‍රීඩක ක‍්‍රීඩිකාවන් 106 දෙනෙකු සහභාගි වීමට නියමිතය.

    ඉන් 48 දෙනෙකු ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ. යුද හමුදා කාන්තා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව ලෙස ආසියානු පදක්කම්ලාභිනී බලලත් නිලධාරී 1 බී.එල්. නදීකා ලක්මාලි කටයුතු කරනු ලැබේ.

    මෙවර ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වන යුද හමුදා කණ්ඩායම දිරිගැන්වීම සහ ඔවුන් වෙත සුබපැතුම් එක්කිරීමේ උත්සවයක් පසුගියදා යුද හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

     

    “මලල ක්‍රීඩාවේ ප්‍රමුඛයා” යන්න මෙවර යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමේ තේමාවයි.

    මෙම උත්සවයේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නව ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් හඳුන්වා දුන් අතර  මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් වෙත මෙම ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීම ද සිදු විය.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya