අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදුබත් වූ දකුණු කොරියානු නෞකාවේ බහුතරයක් අතුරුදන්

    අප්‍රේල් 17, 2014

    දකුණු කොරියාවට අයත් මුහුදුබත් වූ සෙවොල් (Sewol) මඟී නෞකාවේ සිටි 477 දෙනාගෙන් 300කට ආසන්න පිරිසක් ගැන තවම වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසයි.


    නෞකාවේ සිටි මගීන්ගෙන් 174 දෙනෙකු මේ වනවිට මුදාගෙන ඇති අතර ඉන් සිව්දෙනෙක් මියගොස් තිබෙන අතර බොහෝ පිරිසක් අනතුර නිසා පීඩාවට පත් ව සිටින බව ද වාර්තාවේ.


    සියොල් නුවරට බටහිරින් පිහිටි යේජු (Jeju) දිවයිනේ ඉන්චියොන් (Incheon) තොටුපොළේ සිට ආපසු එමින් සිටියදී යාත්‍රාව අනතුරට පත් ව ඇත. මඟී යාත්‍රාව ටොන් 6825ක බරකින් යුක්තය. යේජු දිවයින දකුණු කොරියාවේ, දකුණු වෙරළබඩ සිට කිලෝමීටර් 100ක් පමණ දුරක පිහිටා ඇත. සියෝල් නුවර දකුණු දෙසින් පිහිටි අන්සන්හි ඩන්වොන් උසස් විද්‍යාලයේ සිසුසිසුවියන් 325 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ එහි ගමන් කරමින් සිට ඇත.


    අනතුරුට ලක්වු නෞකාවේ සිටි මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් ඊයේ රාත්‍රියේත් ආලෝක ධාරාවන් යොදාගනිමින් සිදුකර ඇති අතර මේ වන විටත් එම මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් වාර්තා සදහන් කරයි.


    වසර 20කට පසු ව දකුණු කොරියාව මුහුණදුන් දරුණුතම සාමුද්‍රික අනතුර මෙය බව ද වෙරළාරක්ෂක, හමුදා සහ වාණිජ යාත්‍රා රැසක් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින බව ද පැවසේ.

     
    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya