මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කාන්තා පිලට ශ්‍රී ලංකාවෙන් ශෂිකලා

    අප්‍රේල් 15, 2014

    ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජය අතර ලබන 19 වැනිදා ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන පන්දුවාර 50 ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායිකාව වන ශෂිකලා දේදුනු සිරිවර්ධන (Shashikala Dedunu Siriwardene) තෝරාගෙන තිබේ.


    එම්.සී.සී. ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වන අතර එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ ද්වි ශත සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සීමිත පන්දුවාර තරගය සඳහා ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් තෝරාගෙන තිබේ.


    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට අයි.සී.සී. කාන්තා ක්‍රිකට් කමිටුව ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන පත් වේ. විස්සයි/20 ක්‍රිකට් තරගවල නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව වන්නේ ද ශෂිකලාය. එක්දින තරග 76ක දී ලකුණු 1396ක් ලබා ඇති ඇය විස්සයි/20 තරග 39 කදී ලකුණු 575ක් ලබා ගෙන තිබේ.


    ඇය ආසියා කාන්තා කණ්ඩායම, මේරියන්ස් කාන්තා පිල සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩිකාවකි. දකුණතින් දඟ පන්දු යවන; දකුණත් පිතිකාරියක වන ශෂිකලා 1985 පෙබරවාරි මාසයේ දී උපත ලබා ඇත.


    මේ තරගයට තෝරාගෙන තිබෙන ලෝක කාන්තා ක්‍රිකට් පිල - ශෂිකලා සිරිවර්ධන (ශ්‍රී ලංකාව), සුසී බේට්ස්, රචේල් ප්‍රීස්ට් (නවසීලන්තය), ඩීන්ඩ්‍රා ඩොටින්, ස්ටෙෆානී ටේලර් (කොදෙව් පිල), මෙග් ලැනින්, එල්වස් පෙරී (ඔස්ට්‍රේලියාව), ජූලන් ගොස්වානී, මිතාලී රායි (ඉන්දියාව), සානා මීර් (පාකිස්තානය), මේරිසේන් කේප් (දකුණු අප්‍රිකාව)


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya