මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ඉර සේවය“ කත්මන්දු නුවරදී තිරගත වේ

    සැප්තැම්බර් 17, 2014

    “ඉර සේවය“ (Sun Rise) ධාර්මික චිත්‍රපටය පසුගිය සැප්තැම්බර් 5 වෙනිදා නේපාලයේ කත්මන්දු නුවර රුසියාවේ සංස්කෘතික හා විද්‍යා මධ්‍යස්ථානයේදී තිරගත කෙරිණ.

    ප්‍රධාන අරාධිතයා ලෙස නේපාල නගර සංවර්ධන අමාත්‍ය ආචාර්යය නාරායන් බද්කා මහතා හා ගෞරවනීය අමුත්තෙකු ලෙස ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    ශ්‍රී ලංකීය සාම්ප්‍රදාය ගරු කරමින් පොල් තෙල් පහන් දල්වා උත්සවය ආරම්භ කර අතර නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්.එම්. සෙනෙවිරත්න මහතා පැමිණි සිටිය ප්‍රේක්ෂකයන් පිළිගන්නා ලද්දේ මෙවැනි චිත්‍රපටයක් ප්‍රදර්ශනය සඳහා පියවර ගත් රොඩ්නි විදානපතිරණ මහතාට ස්තූතිය ප්‍රකාශ කරමිනි.

     

    “ඉර සේවය“ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දුන් පසුගියදා ජීවිතයෙන් සමුගත් රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියට කරන ගෞරවයක් ලෙස මිනිත්තු 2ක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලදී.

     

    මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය පිළිබඳ ගැඹුරින් අර්ථකතනයක යෙදෙන මෙම චිත්‍රපටය ජීවිතයේ හමුවන විවිධ ආරවුල් සඳහා ජීවිත විසඳුම් සෙවීමට දරන උත්සහය නිරූපණය කරයි. මෙම චිත්‍රපටය සත්‍ය සොයා ගැනීමෙන් ජීවිතය ජයගත හැකි බවට බුදුන් වහන්සේ දේශනා කෙරූ වදන් පිළිබඳ හෘදයාංගම අධ්‍යයනයක යෙදෙයි.

     

    ශ්‍රී ලංකාවේ නේපාල - කත්මන්දු නුවර තානාපති කාර්යාලය මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සංවිධානය කළ අතර එය නැරඹීමට නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, නේපාල ජාතිකයන් ඇතුළු නේපාලයේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික පිරිස් සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya