අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් රටවල ස්වදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සැප්. 19 කත්මන්ඩු නුවරදී

    සැප්තැම්බර් 17, 2014
    සාර්ක් රටවල ස්වදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුව සැප්. 19 නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වේ. ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීම යන්න මෙවර තේමාව වේ.

    මෙහි දී නව ආරක්ෂක තර්ජන සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය තක්සේරු කරන ආකාරය, පැමිණෙන අභියෝගවලට මුහුණදීමේ පොදු උපාය මාර්ග සම්පාදනය ද මෙහිදී සිදු වේ.

     

    මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, සුළු අවි හා ව්‍යාජ මුදල් ජාවාරම හා අනෝන්‍ය නීති සහය ආදිය පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති අතර දකුණු ආසියානු කලාපයේ ත්‍රස්තවාදය මර්දනය කරන්නේ කෙසේද යන්න ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනෙනු ඇත.

     

    අද ආගමන විගමන දෙපාර්තමේන්තුවල ප්‍රධානත්වය දරන ඒකාබද්ධ ලේකම්වරුන්ගේ රැස්වීම පැවැත්වෙන අතර, හෙට (18) දා ස්වදේශ කටයුතු ලේකම්වරුන්ගේ රැස්වීම, 19දා ස්වදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම වශයෙන් මට්ටම් තුනක් යටතේ පැවැත්වේ.

     

    මෙහි පළමු රැස්වීම් දෙකෙහි දී ගනු ලබන තීරණ ස්වදේශ කටයුතු අමාත්‍යවරුන් විසින් අනුමත කරනු ලැබීමෙන් අනතුරු ව රැස්වීම අවසන් කෙරේ.

     

    මෙවර සත්කාරක රට වශයෙන් නේපාලය සියලු කටයුතු සූදානම් කරනු ඇත.

     

    DB

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya