ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීන්දු තීරණ ක්‍රියාත්මක වීමේදී සභාපති ඇතුළු විධායක සභාව ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කළ කළමනාකරණ හා පරිපාලන විධික්‍රමයක් යටතේ සිදු කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දුන් අතර එම ක්‍රමවේදයන් යටතේ කිසිදු ගැටලුවක් මතු නොවුණු බැවින් ක්‍රිකට් සභාපතිතුමා හා ලේකම්තුමා අතර වගකීම් ක්‍රියාත්මක කිරීමේදී ද විධිමත් සන්නිවේදන ක්‍රියාවලියක් ගොඩනැගෙන අතර ඉදිරියේදී දෙපාර්ශ්වය අතර ගැටලු මතු නොවන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාර්යක්ෂම ව ඉදිරියට යනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශ්වාසය පළ කරයි.
2015 ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවට දිනා ගැනීම හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගොඩනැගීමේ ඉලක්කයක් හැර වෙනත් ඉලක්ක ක්‍රිකට් ආයතනය මෙන් ම එහි ප්‍රධානීන්ගේ අරමුණ නොවන බැවින් එම ඉලක්ක ජයග්‍රහණය කරදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමාගේත්, ලේකම්තුමාගේත් වගකීම බව හෙතෙම අවධාරණය කළේය.
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙපාර්ශ්වයේ ම ඇති වී තිබූ ගැටලු පිළිබඳ ව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම සියලු කරුණු අමතක කර, රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට දෙදෙනා ම උනන්දු වන බැවින් ක්‍රිකට් සභාපතිතුමන් හා ලේකම්තුමන් මින් ඉදිරියට කිසිදු ප්‍රශ්නයක් හා ගැටලුවක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට එකඟ වූ අතර එම අදහස අද (15) සවස පැවැත්වෙන ක්‍රිකට් විධායක සභාවටද දැනුම් දීමට කටයුතු කිරීමට තීරණය වූ බවද ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
MAP