මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව පාපන්දු තරගාවලියේ ජය යං ස්ටාර් ක්‍රීඩා සමාජයට

    සැප්තැම්බර් 15, 2014

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කරලීමේ අරමුණින් පොලොන්නරුව දිස්ත්‍රික් පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද මෛත්‍රීපාල සිරිසේන අභියෝගතා කුසලාන පාපන්දු තරගාවලිය ඊයේ (14) හා පෙරේදා (13) පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.


    මෙහි ජය සංකේත ප්‍රදානය ඊයේ පැවැත්විණි. දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩා සමාජ 16ක් ශූරතාව සඳහා තරග වැදුණි. අවසන් තරගය සඳහා පොලොන්නරුව නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජය හා යං ස්ටාර් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලැබීය. යං ස්ටාර් ක්‍රීඩා සමාජය 1-0ක් ලෙස ජය ගනිමින් 2014 මෛත්‍රීපාල සිරිසේන අභියෝගතා ශූරතාව හිමි කර ගැනිණි. එහි අනුශූරතාව නන්දි මිත්‍ර ක්‍රීඩා සමාජයට හිමි විය.


    තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා ලෙස හිඟුරක්ගොඩ ක්‍රීඩා සමාජයේ භවන්ත ලහිරු ක්‍රීඩකයා ද අවසාන තරගයේ දක්ෂත ම ක්‍රීඩකයා ලෙස පොලොන්නරුව යං ස්ටාර් ක්‍රීඩා සමාජයේ මලින්ත අනුරංග ද සිල්වා සම්මාන හිමි කර ගත්හ. තරගාවලියේ දක්ෂත ම දැල් රකින්නා ලෙස නන්දි මිත්‍ර ක්‍රීඩා සමාජයේ ඉන්දික හේවගේ ක්‍රීඩකයා සුදුසුකම් ලැබීය.

    ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, උතුරු මැද පළාත් සභා මන්ත්‍රී හා ක්‍රීඩා අධීක්ෂණ මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල, සුදු අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති හා පොලොන්නරුව පාපන්දු සංගමයේ සභාපති ඩඩ්ලි සිරිසේන, සහකාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ, දිස්ත්‍රික් පාපන්දු සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා තමන්කඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංජිත් ගම්ලත්, පාපන්දු සංගමයේ උප සබාපති අමිත් ශාන්ත, නියෝජ්‍ය ලේකම් පී.එස්.ඒ. නිරෝෂන් කුරේ, සංවිධායක ලේකම්වරුන් වන ඩබ්.ඒ. මහින්දරත්න, විජිත කරුණානන්ද යන මහත්වරු ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/WK/BG_dmu_polonnaruwa

     

    football2

     

     

    football3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya