අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාශ්වහම් අන්ධ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 14 වැනි ගැමුණු හේවා බලකායේ අනුග්‍රහයෙන්

    සැප්තැම්බර් 15, 2014

    වාශ්වහම් ළමා නිවාසයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පසුගියදා මරුදනාර් මඩම් බාලිකා විද්‍යාලයේදී 14 වැනි ගැමුණු‍ හේවා බලකායේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබීය. 


    මෙම ක්‍රීඩා උත්සවය සඳහා වාශ්වහම් අන්ධ ළමා නිවාසයේ සිටින සියලුම දරුවෝ සහභාගී වූහ.


    මෙම ළමා නිවාසයේ අන්ධ ළමුන් 34 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාටම සහභාගී විය හැකි තරග ඉසව් රාශියක් සංවිධානය කර තිබුණි. මෙහි අරමුණ වූයේ ඇස් පෙනෙනා අනෙකුත් අයට මෙන් මොවුන්ට ද මේ දේවල් කිරීමට ශක්තිය හා ධෛර්ය ඇත යන්න අවබෝධ කරවීමටයි. මෙම තරග සඳහා මෙම ළමා නිවාසයේ ළමුන් සියල්ල ඉතා උනන්දුවෙන් හා තරගකාරී ලෙස සහභාගීවීම මෙම ක්‍රීඩා උත්සවයේදී විශේෂයෙන් ම කැපී පෙනුණි.

    මෙම ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සමාජසේවා අමාත්‍යාංශයේ ලේකම් ඉමෙල්ඩා සුකුමාර් මහත්මිය සහභාගි වූ අතර උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. රජේන්ද්‍රන්, යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය මලරාවන්, විද්‍යාලයේ විදුහල්පති ඒ. රවීන්ද්‍රන් හා 14 වැනි ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.ජී.ජී. ඩබ්ලිව්. රෝහණ යන මහත්වරු සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya