අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තානාපති ක්‍රිකට් කුසලාන තරගාවලිය වොෂින්ටන්හිදී

    සැප්තැම්බර් 17, 2014

    ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි ජාතික ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ තානාපති මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2014 තානාපති ක්‍රිකට් කුසලාන තරගාවලිය පසුගිය සෙනසුරාදා (13) වොෂින්ටන් නුවර, මේරිලෑන්ඩ්හි Calverton-Galway Local Park හිදී පැවැත්විණ.

    ඇමරිකානු තානාපති කාර්යාල හා ඇමරිකානු ප්‍රජාව අතර මිත්‍ර සහයෝගී සබඳතා ඔප් නැංවීම මෙහි අරමුණින් මෙම තරගාවලිය පවත්වනු  ලබයි.

     

    ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රදර්ශනය කරමින් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල තානාපති කාර්යාල කණ්ඩායම් මෙම තරගකාරී අවස්ථාවට සහභාගී විය.
     
    වොෂින්ටන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ක්‍රිකට් ක්‍රීඩාවට සමත්කම් දක්වන පුද්ගලයන් සමඟ එක්වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනෙක් පිලවල් හා තරග කළේය.
     
    ඇමරිකානු හිතවතුන් හා ඒ ඒ රටවල ප්‍රජාව දිනක් පුරා පැවති මෙම අවස්ථාවට සහභාගී වූහ. විවිධ රටවල සාම්ප්‍රදායික ආහාරවලින්, සංගීතයෙන් හා විවිධ අංගයන්ගෙන් සැරසුණු මෙම අවස්ථාව ප්‍රජා අතර සමඟිය ඔප් නංවන තෝතැන්නක් විය.

     

    ශ්‍රී ලාංකික කූඩාරම ශ්‍රී ලංකා තේ හා කොත්තු රොටි සමඟ උත්සවනීය වාතාවරණයක් මැවූ අතර මෙම කුටියට පැමිණි බොහෝ පිරිස් ඉන් රසවත් වූහ.

    දකුණු සහ මධ්‍යම ආසියාව භාර ඇමරිකානු සහකාර ලේකම් නීශා බිස්වාල් මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූ අතර දකුණු ආසියාවේ රටවල කුටිවල සංචාරය කළේය.

     

    එදින සන්ධ්‍යාවේ පැවති තෑගි බෙදාදීමේ උත්සවය බංග්ලාදේශ තානාපති කාර්යාලය විසින් සංවිධානය කර මෙහෙයවන ලදී.

     

    දකුණු ආසියා කලාපයේ ජනප්‍රිය ම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව මහජනතාවට ක්‍රීඩාවකට වඩා විනෝදාත්මක අංගයක් බවත් වාර්ගික හා සංස්කෘතික බාධක ඉක්මවා යන සමාජ ඒකාබද්ධතාව නංවන මිත්‍රත්වය සඳහා අවස්ථාවක් බවත් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා මෙම අවස්ථාව පිළිබඳ සතුට පළ කරමින් පැවසීය. විවිධ ප්‍රදේශ හා සංස්කෘතීන් හා වෙසෙන ප්‍රජාවන් අතර සම්බන්ධතාවක් ඇති කරන ක්‍රීඩාවක් බවත් කාරියවසම් මහතා පැවසීය.

     

    SDF

    Washington-2Washington-3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya