තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු ඉනිම සඳහා ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා ගත්තා. සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 373 ක් ලබා ගැනීමට සමත් වුනා.
සිය දෙවන ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබාගත් අතර ජයග්රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
පන්දු යැවීමේදී පළමු ඉනිමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්රනාන්දු කඩුලු 4 ක්, ළහිරු කුමාර කඩුලු 3 ක්, කසුන් රාජිත කඩුලු 2 ක් හා ප්රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත්වූ අතර දෙවන ඉනිමේදී අසිත ප්රනාන්දු කඩුලු 3 ක්, ප්රභාත් ජයසූරිය කඩුලු 2 ක් හා කසුන් රාජිත 2 ක් හා ළහිරු කුමාර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Kane Williamson විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් නොදැවී ලකුණු 121 ක් වාර්තා කළා. ඒ අනුව තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවනවා.