අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දඹුල්ලට

    මාර්තු 06, 2023

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (05) නිමාවට පත් වූයේ මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනා ගනිමිනි.

    තරගයේ සිව්වැනි දිනයේදී ගෝල් පිලට එරෙහිව ලකුණු 75 ක ජයක් වාර්තා කළ දඹුල්ල ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50 ක ජය මල්ලකටද හිමිකම් කීහ.

    ලකුනු 258 ක ජයග්‍රාහී ඉලක්කක් හඹා යෑමේදී ගෝල් කණ්ඩායම ලකුණු 182 කදී සීමා කිරීමට වනිදු හසරංග ප්‍රමුඛ දඹුලු පන්දු යවන්නෝ සමත්වූහ. මෙම ශූරතා කුසලාන දිනා ගැනීමට පෙර දඹුලු කණ්ඩායම මීට පෙර පැවැති කුමන හෝ ආකාරයේ නැෂනල් සුපර් ලීග් තරගාවලිවලදී අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය. ඒ අනුව මෙය ඔවුන්ගේ තරග ඉතිහාසයේ ශූරතා කුසලානයක් දිනා ගන්නා ලද පළමු අවස්ථාව ලෙසින්ද ඉතිහාස ගත විය.

    දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 72.1 කදී ලකුණු 248 යි. ගෝල් පළමු ඉනිම පන්දුවාර 53.2 කදී ලකුනු 187 යි. දඹුල්ල දෙවැනි ඉනිම පන්දුවාර 71.2 කදී ලකුණු 196 යි.

    අනුශූරතාව දිනූ ගෝල් කණ්ඩායමට මුදලින් රුපීයල් ලක්ෂ 25 ක් හිමි වද්දී දක්ෂතම පිතිකරු ලෙස ඉනිම 7 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 448 ක් ලබා ගත් කැන්ඩි කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ද දක්ෂතම පන්දු යවන්නා ලෙස ඉනිම 6 කදී කඩුලු 22 ක් දවා ගත් ජැෆ්නා කණ්ඩායමේ ශෂික දුල්ෂාන්ද සම්මාන දිනාගත්හ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න සහ තරගාවලි සංවිධායක කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජය සංකේත ප්‍රධානයේදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ගෝල් කණ්ඩායමේ නිත්‍ය නායක රමේෂ් මෙන්ඩිස් පිදුම් ලැබූ නමුත් එය සම්මානය ලබා ගනු ලැබුවේ ගෝල් කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන සංගීත් කුරේ විසිනි. නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා‌ ටෙස්ට් පිලට රමේෂ් ඇතුළත්ව සිටින බැවින් ඔහුට සිව්දින තරගාවලියේ අවසන් මහ තරගයක පමණක් නොව අවසන් පූර්ව වටයේ තරගයද මඟ හැරිණි.

    -Sri Lanka Cricket-

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya