මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්කොට්ලන්ත ජනමත විචාර වේදිකාව උණුසුම් තත්ත්වයක

    සැප්තැම්බර් 14, 2014

    මහා බි‍්‍රතාන්‍යයෙන් වෙන් වී නිදහස් රාජ්‍යයක් බවට පත්වීම සඳහා ස්කොට්ලන්තය පවත්වන ජනමත විචාරණයේ ප‍්‍රචාරක කටයුතු සිදුකෙරෙන අවසන් සති අන්තය මෙයයි.

    මේ නිසා එහි සංගම්වාදීන් සහ නිදහස් මතධාරීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් පවතින බව ස්කොට්ලන්ත මාධ්‍ය වාර්තා කරයි.


    බි‍්‍රතාන්‍යයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් වීම සඳහා ජනමත විචාරණයකට එළඹෙන ස්කොට්ලන්ත වාසීහු තවමත් ඊට පක්ෂව සහ විපක්ෂව තීන්දු තීරණ ගනිමින් සිටිති.


    ඒ අනුව ඔවුන් සිය ප‍්‍රචාරක ව්‍යාපාරයන් සඳහා වීථි  බැස ඇති බව ස්කොට්ලන්ත විදෙස් වාර්තා සඳහන් කරයි.


    සැප්තැම්බර් 9 වැනිදා සිට  12 වැනිදා දක්වා සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූයේ ස්කොට්ලන්තය තවදුරටත් බි‍්‍රතාන්‍ය සංගමයේ කොටසක් විය යුතු බව සියයට 51%ක් ජනතාව විශ්වාස කරන බවයි.

    එහෙත් අද (14) වාර්තා කෙරුණු නවතම සමීක්ෂණයෙන් එම ප‍්‍රතිශතය සියයට 50.6 දක්වා පහත වැටී ඇති අතර වෙන්විය යුතු බව කියන ප‍්‍රතිශතය සියයට 49.4 දක්වා ඉහළ ගොස් තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.


    ඒ කෙසේ වෙතත් බහුතරයක් මෙතෙක් සිය තීන්දුව ප‍්‍රකාශ කර නැති බැවින් මෙය කෙලෙස වෙනස් වේදැයි තවමත් අවිනිශ්තය.


    සැප්තැම්බර් 18 මෙම ජනමත විචාරණය පැවැත්වීමට නියමිතව ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya