අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්වන ලෝක යුද්ධයක් ගැන පාප්වහන්සේ අනතුරු අඟවයි

    සැප්තැම්බර් 14, 2014

    යළිත් තුන්වන ලෝක යුද්ධයක් ක‍්‍රමක‍්‍රමයෙන් ආරම්භ වෙමින් පවතින බව ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ පවසයි.


    පළමු ලෝක යුද්ධයේදී මියගිය ලක්ෂයකට අධික ඉතාලි විරුවන් අනුස්මරණය කිරීමට පවත්වන ලද දිව්‍ය පූජාව සඳහා ඉතාලියේ විශාලතම යුද සුසානය වෙත ඊයේ (13) ගිය පාප්වහන්සේ  මේ බව ප‍්‍රකාශ කළ බව යුරෝපීය මාධ්‍ය වාර්තා කරයි.


    යුද්ධය යනු හුදෙක් උන්මාදයක් පමණක් බව පාප්වහන්සේ ප්‍රකාශ කරන ලදී.


    පසුගිය මාස කිහිපයේදී ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ යුක්ක්‍රේන, ඉරාක, සිරියා, ගාසා සහ අප්‍රිකානු පෙදෙස්වල පවතින ගැටුම් කෙළවර කරන මෙන් ආයාචනා කළේය.


    යුද්ධය යනු බුද්ධි විරෝධී ක්‍රියාවලියක් බවත් යුද්ධය සැලසුම් කරන්නේ විනාශය පමණක් බවත් විනාශය තුළින් යුද්ධය වර්ධනය වන බවත් පාප්වහන්සේ මෙහිදී දේශනා කරන ලදී.


    දෙවියන්ගේ නාමයෙන් යුද්ධ සිදු කිරීම පිළිබඳව පසුගිය කාලයේදී උන්වහන්සේ විරෝධය දැක්වූවේය. විශේෂයෙන් ඉරාකයේ හා සිරියාවේ අයි.එස්. සටන්කාමීන් විසින් දෙවියන්ගේ නාමය මුල් කරගනිමින් සිදු කරන ඝාතන හා ත්‍රස්ත ක්‍රියාකාරකම් එතුමන් විසින් තරයේ හෙළා දකින ලදී.

     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya