අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා - 2014

    සැප්තැම්බර් 09, 2014

    කී‍්‍රඩා කෞශල්‍යයෙන් පරිපූර්ණ දරු පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණින් වාර්ෂිකව ක‍්‍රියාවට නැංවෙන සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා - 2014 තරගාවලියේ පළමු අදියරේ ක‍්‍රීඩා ඉසව් පසුගිය 05 වැනිදා සිට පැවැත්වීමට පියවර ගෙන තිබේ. 


    මෙම තරගාවලිය අදියර 4කින් යුතුව පැවැත්වේ. පිහිනුම්, කබඩි, ජූඩෝ, පාපැදි, අර්ධ මැරතන්, චෙස්, එල්ලේ, කරාතේ ශාරීරික අභ්‍යාස හා අයෝමය ශිෂ්‍යයා යන තරග ඉසව් පළමු අදියරේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

     

    දිවයිනේ විවිධ පළාත්වල ද තරග ඉසව් යම් ප‍්‍රමාණයක් පැවැත්වීම මඟින් කොළඹ කේන්ද්‍රීයව පමණක් නො ව සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල දිවයින පුරාම කී‍්‍රඩාවේ ජය කෙහෙළි නංවමින් පැවැත්වීම ද මෙවර විශේෂත්වයකි. විශේෂයෙන් 30 වසරක සාපරාධී යුද්ධයෙන් පීඩාවිඳි උතුරු නැගෙනහිර පළාත්වලටත් විවිධ කී‍්‍රඩා ඉසව් ව්‍යාප්ත කරවීම ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමෙහිලා ද තබන ලද වැදගත් ආරම්භයක් ලෙස සැලකිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     

    මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය ලබන ඔක්තෝබර් 02 වැනිදා අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සුගතදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

     

    මෙහි සමාප්ති උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 06 වැනිදා සුගතදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට සියලු විධිවිධාන යොදා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya