අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි සතිවලදී ලයිබීරියාවේ දහසකට වැඩි නව ඉබෝලා ආසාදිතයින් වාර්තා විය හැක- WHO

    සැප්තැම්බර් 09, 2014

    ඉදිරි සති තුන තුළ ලයිබීරියාවේ නව ඉබෝලා රෝගීන් දහස් ගණනක් වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

     

    බටහිර අප‍්‍රිකාවේ ගිනියාව, සියෙරා ලියොන්, නයිජීරියාව, සෙනෙගල් සහ ලයිබීරියාව යන රටවල පැතිරෙන ඉබෝලා වෛරස් රෝගයෙන් මේ වන විට පුද්ගලයන් 2100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

     

    ඉදිරි සති වලදී මෙම මාරාන්තික වසංගත රෝගය පැතිරී ඇති රටවල මිය යන සංඛ්‍යාව වැඩි විය හැකි බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ඊයේ (08) අනතුරු අඟවා ඇත.

     

    3500කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඉබෝලා ආසාදිතයින් හමුවී ඇති අතර ඉන් අර්ධයක්ම ලයිබීරියාවෙන් හමුවී ඇති බව වාර්තා වේ.

     

    සෞඛ්‍ය සේවකයින් 152කට වැඩි පිරිසකටද මෙම ඉබෝලා රෝගය වැළඳී ඇති අතර මේ වන විට ඉන් 79ක් මිය ගොස් ඇති බව WHO වාර්තා කරයි.

     

    බ්‍රිතාන්‍ය විසින් ඉදිරි සති වලදී සියෙරා ලියොන්හි සයනාගාර ප්‍රතිකාර මධ්‍යස්ථාන 62ක් ඇරඹීමට කටයුතු සූදානම් කර ඇති බවත් එහි යුධ හමුදා ඉන්ජිනේරුවන් හා Save the children අනුග්‍රහයෙන් සෞඛ්‍ය සේවකයින් සියලු සේවා සිදු කරන බවත් බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන දෙපාර්තමේන්තුව ඊයේ (08) ප්‍රකාශයක් නිකුත් කර ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya