අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොකී ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩපිළිවෙලක්

    දෙසැම්බර් 20, 2021

    හොකී ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් සහ ක්‍රීඩකයන්ගේ පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි කෘත්‍රිම හොකී තණතිල්ල සමඟ ගොඩනැගිල්ල (Astro Turf Complex) ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ප්‍රධාන මූලස්ථානය ලෙස හොකී සම්මේලනය වෙත ලබාදීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් පසුගියදා(15) සිදු විය.

     

    මීට සමගාමීව හොකී ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් කෘත්‍රිම තණතිල්ල සංවර්ධන කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා හොකී සම්මේලනය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළේ ය

     

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා හොකී සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් පී. විශ්වනාදන් මහතා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා, CH & FC කණ්ඩායම සහ ආරක්ෂක සේවා කණ්ඩායම නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya