මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ක්‍රීඩා උළෙලට ආසියානු මට්ටමේ 6 වන ස්ථානයෙන් පහළ කිසිවෙක් සහභාගී නොකිරීමේ දැඩි තීරණයක

    අගෝස්තු 20, 2014

    ලබන මස දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 159 දෙනෙකුගේ නම් ජාතික ක්‍රීඩා සංගම් විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ලැබ ඇතත් ආසියානු මට්ටමෙන් 6 වන ස්ථානයට ඉහළින් සිටින සුදුසුකම් ලබා ඇති ක්‍රීඩකයින් 72ක් තෝරාගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එම ක්‍රීඩකයන් ආසියානු මට්ටමේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව විසින් තෝරාගනු ලැබ ඇත. මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ධම්මික රණතුංග හා සුනිල් ජයවීර යන මහත්වරුන් ද කටයුතු කරයි.

     

    මෙම කමිටුව බොක්සින් ක්‍රීඩාවෙන් එරන්දි ද සිල්වා, බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් චින්තන ගීතාල් විදානගේ, ජීවිත ආරක්ෂක ක්‍රීඩාවෙන් චමීර ලක්ෂාන් හා මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩකයන් 12දෙනෙක් තෝරාගෙන ඇත. කබඩි ක්‍රීඩාවෙන් කාන්තා ක්‍රීඩකාවන් 12 දෙනෙක් හා වෙරළ ක්‍රීඩාවෙන් ක්‍රීඩකයන් 8 දෙනෙකු තෝරා ගෙන ඇති අතර ක්‍රිකට් හා රග්බි ක්‍රීඩා කණ්ඩායම ඇතුළු ක්‍රීඩකයන් 72 දෙනෙකුද ආසියානු තරග නියෝජනය කිරීම සඳහා තෝරා ගත් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

    රටක් වශයෙන් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ පරිසාධන මටටම්වල නොමැතිව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන තරගවලට සහභාගී කරවීම රටේ ක්‍රීඩාවේ දියුණුවට යෙදවිය හැකි මුදල් අපතේ හැරීමක් මෙන් ම ක්‍රීඩාවේ ජයග්‍රහණයන් හා ඉලක්කයන් ළඟා කර ගැනීමට බාධාවක් වන බැවින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ගනු ලැබූ මෙම ප්‍රතිපත්ති තීන්දුවට ජාතික ඔලිම්පික් කමිටුව විසින්ද පූර්ණ අනුමැතිය ලබා දී ඇති බව බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya