මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරණාගත ළමුන් 150ක් සඳහා ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික වීසා

    අගෝස්තු 20, 2014

    දැනට රැඳවුම් භාරයේ සිටින 150ක් පමණ වූ ළමා සරණාගතයන් පිරිසක් නිදහස් කිරීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන්ස් ඊයේ (19) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.



    අවුරුදු 10ට වඩා අඩු ළමුන් සිටින සරණාගත පවුල් සඳහා තාවකාලික වීසා ලබා දීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.
     

    මෙම ප්‍රමාණය 1547ක් වූ මුළු සරණාගත ළමුන් සංඛ්‍යාවෙන් සුළු කොටසක් පමණි. එසේම පසුගිය වසරේ ජූලි 19ට පෙර සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණියවුන්ට පමණක් මෙම තීරණයෙන් සහන සැලසේ.

    එහෙත් ඕස්ට්‍රේලියානු භූමියෙන් පිටත පැපුවා නිව්ගිනි සහ නාවුරු යන දුපත්වල ඇති රැඳවුම් කඳවුරුවල සිටින වයස 10ට වැඩි ළමුන් සිය ගණනකට මේ නව ප්‍රතිපත්තිය යටතේ සහනයක් නොලැබෙන බව ඔස්ට්‍රේලියානු රජය පවසා ඇත.

     

    ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් රැගත් මුහුදු යාත්‍රා සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඔවුන් පිළිබඳව දැඩි තීරණ ගැනීමට පසුගිය වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාව කටයුතු කළේය.

     

    දැනටමත් එසේ පැමිණ කඳවුරුවල රඳවා සිටින දහස් ගණනක් සරණාගතයන් පිළිබඳ පැහැදිලි විසඳුමක් මේ වන විටත් ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත් කර නොමැත.

     

    කෙසේ වෙතත් දැනට ඔස්ට්‍රේලියානු රජයේ නීතියට අනුව ළමුන් සඳහා තාවකාලික වීසා පමණක් ලබා දෙන අතර ස්ථිර වීසා ලබා දීමක් සිදු නොවේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya