අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'රාම් සේතු' විනාශ වෙන්න දෙන්නේ නෑ - ඉන්දීය රජය කියයි

    අගෝස්තු 15, 2014

    නරේන්ද්‍ර මෝදී අගමැතිතුමා ප්‍රමූඛ ඉන්දීය රජය 'රාම් සේතු' නම් වන වැලි තීරය විනාශ වන්නට ඉඩ නොතබන බවත් එය ආරක්ෂා කරන බවත් පවසා ඇති බව හින්දු පුවත්පත අද (15) වාර්තා කරයි.

     
    නමුත් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැර නොදමා රාම් සේතු ආරක්ෂා වන අයුරින් සැමදෙනාම පිළිගන්නා අයුරින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අලුත් යෝජනාවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව ඔවුන් ඊයේ (14) පැවසූ බව එහි සඳහන් කර ඇත.
     
     

    ඉන්දීය නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිතින් ගඩ්කාරී (Nitin Gadkari) විසින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න පැයේදී මේ බව පවසා ඇති බව නව දිල්ලි වාර්තා පවසයි.

     

    ඒ අනුව, මෙම කරුණ විපරම් කිරීමෙන් අනතුරු ව රජය විසින් විකල්ප යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පවසා ඇත. රජය විසින් මෙම සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට විශාල විසඳුම් ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව වැඩි දුරටත් ඔහු අනාවරණය කර තිබේ.‍


    මීට ප්‍රථම රජයෙන් ඉදිරිපත් කෙරුණු මෙම ව්‍යාපෘතියට ඉන්දියාවේ හින්දු භක්තිකයන් දැඩි විරෝධය පළ කර තිබිණි. මෙම ගමන් මාර්ගය ඉදිකළ හොත් සිදුවන පරිසර විනාශය මෙන් ම ආගමික වශයෙන් වැදගත් වන ස්ථානයක් වන "රාම් සේතු" නම් වන වැලි තීරය විනාශ වන බව ඔවුන් දැක් වූ ප‍්‍රධාන කරුණ විය. එම "රාම් සේතු" වැලි තීරය පිහිටුවා ඇත්තේ රාම දෙවිඳුන් යැයි විශ්වාස කෙරෙන හෙයින් ඊට ඉහළ ආගමික වටිනාකමක් ඇති බව විරෝධතාකරුවෝ පවසති. 

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya