අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 320යි

    අගෝස්තු 15, 2014

    ශ්‍රී ලංකා පකිස්තාන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල තරගයේ දෙවන දිනය වන අද (15) පෙරවරුවේ දී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 320ක් රැස් කර ගත්හ.


    තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ තරගය අවසන් වන විට කඩුළු 08ක් දැවී ලකුණු 261ක් රැස් කර ගෙන සිටියහ. 

     

    අද පෙරවරු 11.15 වනවිට පන්දු වාර 99.3කට ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුල්ල ලෙස රංගන හේරත් දැවී ගියේ ලකුණු 17ක් ලබා සිටියදීය.


    මේ වනවිට පකිස්තාන පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටී. ආරම්භක පිතිකරු ඛුරාම් මන්සූර් ලකුණු 23කට දැවී ගියේය.

     

    ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයේ දී උපුල් තරංග සමඟ කෞෂාල් සිල්වා පළමු කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූහ. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් විසින් පළමු කඩුල්ලට ලකුණු 50 සීමාව පසු කළේ ටෙස්ට් ක්‍රිකට් ඉනිම් 10කට පසුව වීම මෙහිදී සුවිශේෂී කරුණකි. උපුල් තරංග ලකුණු 92කට දැවී ගියේ තම පස්වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමිනි. කෞෂාල් 4 පහර 6ක් සමඟින් ලකුණු 41ක් රැස් කරන ලදී. කුමාර් සංගක්කාර ලකුණු 22ක් ලබා ගන්නා ලදී.


    තම අවසන් ටෙස්ට් තරගයට සහභාගී වන මහේල ජයවර්ධන පිටියට පිවිසීමේදී සියලුම ක්‍රීඩාලෝලීන් නැඟිට ආචාර දැක් වූ අතර පකිස්තාන ක්‍රීඩකයන්ද ඔහුට ආචාර දැක්වීම සුවිශේෂී අවස්ථාවක් විය. නමුත් මහේල ජයවර්ධන තම අවසන් තරගයේදී ලකුණු 4කට සීමා කිරීමට සායිඩ් අජ්මාල් (Saeed Ajmal) සමත් විය.


    ලකුණු 94කදී අවසාන කඩුළු 6 බිඳ දැමීමට පකිස්තානු පිල සමත් විය. ළහිරු තිරිමාන්න ලකුණු 20ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 24ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක්ද රැස් කළ අතර දිල්රුවන් පෙරේරා ලකුණු නොලබා දැවී ගියේය.
     
     

    පන්දු යැවීමේදී ජුනයිඩ් කාන් (Junaid khan) ලකුණු 69කට කඩුළු 4ක් බිඳ හෙළන ලදී. වහාබ් රියාස් (Wahab Riaz) කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

    තරගය කොළඹ 07, සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya