මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රිමියර් ඇකඩමි කැරම් තරඟාවලිය ජූනි 08-09

    මැයි 28, 2019

    ගනේමුල්ල “ප්‍රිමියර් කැරම් ඇකඩමිය” ශ්‍රේණිගත නොකරන ලද ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධානය කරන පළමු කැරම් තරඟාවලිය ජූනි මස 08-09 දින වලදී ගනේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රිමියර් කැරම් ඇකඩමියේදී පැවැත් වේ.

    මෙම තරඟාවලිය මැයි මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් රටේ පැවැති අයහපත් වාතාවරනය හේතුවෙන් ජූනි 08-09 දක්වා කල්දමන්නට සංවිධායකයන් තීරණය කරනු ලැබීය.

    තරඟාවලියේ ජයග්‍රාහකයාට රුපියල් 25000.00 ක මුදලක්ද, දෙවැනි තැන දිනන්නාට රුපියල් 15000.00ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 10000.00ක ත්‍යාගයක්ද පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කර ඇත.

    අයදුම්පත් කැඳවීම මැයි 04 වැනිදායින් අවසන් වන අතර තරඟාවලියේ කුසපත් ඇද තරඟ සටහන් පිලියෙල කිරීම මැයි මස 05 වැනිදා සිදු වේ.

    තරඟාවලිය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා 0777444239 ඔස්සේ ධම්මික අමතන්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya