අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 ක්‍රිකට් ලෝක කුසලාන තේමා ගීතය එළි දකී

    මැයි 27, 2019

    2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සමගාමීව අපේ ක්‍රිකට් කණ්ඩායමේ දිරිය වඩන්නට සහ ශ්‍රී ලාංකිකයන් තුළ ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව උනන්දුව වර්ධනය කිරීම සඳහා නිර්මාණය වූ තේමා ගීතය එළි දැක්වීම පසුගියදා (24) සිදු කෙරුණි.

    සංඛ දිනෙත්ගේ ගායනයෙන් හා සංගීතයෙන්ද , වසන්ත මොරගොඩගේ පද රචනයෙන්ද හැඩ වූ මෙම ගීතය එළි දැක්වීම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

    මෙහිදී අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ රට තුළ පසුගිය කාලයේ පැවති තත්වය හේතුවෙන් ලෝක කුසලානය වෙනුවෙන් ගීතයක් අවශ්‍ය නොමැති බවට අදහසක් පැවතුණද,රට මෙවැනි තත්වයකට මුහුණ දුන් අවස්ථාවලදී ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම සංගීතයද එය සමනය කිරීම නිසා ගිතය ඉදිරිපත් කළ බවයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න තම කණ්ඩායමට සහය දක්වන ලෙස එංගලන්තයේ සිට ඉල්ලීමක් කළ වීඩියෝවක්ද විකාශය කිරීමට කටයුතු කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya