අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසාන ක්‍රීඩා සංචිත සඳහා සුදුසුකම්ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද්ධ හමුදාවෙන් පුහුණුවක්

    මැයි 03, 2019

    අවසාන ක්‍රීඩා සංචිත සඳහා සුදුසුකම්ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද්ධ හමුදාව හරහා පුහුණුවීම්ක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අමාත්‍යවරයා ඊයේ (2) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙසේ පවසා ඇත.

    අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, පදක්කම් ඉලක්ක කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවය. ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව ක්‍රීඩකයින්ට කදවුරු මට්ටමින් පුහුණුව ලබාදීමට සියල්ල සූදානම් බව ද කීය.

    මේ සඳහා රජය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවත් ආහාර පාන මෙන් ම නවාතැන් පහසුකම් ද ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya