අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවේ පාපැදි පුහුණු සැසියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

    මාර්තු 11, 2019

    අන්තර් ජාතික පාපැදි සම්වම්ලනයට අනුබද්ධිත කොරියානු පාපැදි පුහුණු මධ්‍යස්ථනයේ දී අද (11 වන) දින සිට ලබන 07 වන දින දක්වා පැවැත්වෙන කණිෂ්ඨ කාන්තා පාපැදි පුහුණු වැඩමුළුව සදහා ශ්‍රී ලංකා කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියෙන් සිටින කොටහේන ශාන්ත එඬේරාගේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාව වන ඈන් ශෙනාලි පෙරේරා සහ අනුරාධපුර නිවතක චේතිය විද්‍යාලයේ තිළිණි ප්‍රවීනා සපරමාදු යන ක්‍රීඩිකාවන් දෙදෙනා සහ පුහුණුකාරිණිය ලෙස යුද්ධ හමුදා කාන්තා පාපැදි සංචිතවේ පුහුණුකාරිණිය ලසන්ති ක්‍රිෂ්ණා කොරියාව බලා පිටත් විය.

    ශ්‍රී ලංකා පාපැදි සම්වම්ලන පුහුණු හා සංවර්ධන වැඩසටහන යටතේ මෙම පුහුණුවට සහභාගී වන ක්‍රීඩිකාවන් පුහුණු කාලය අතර තුර එරට පැවැත් වෙන කණිෂ්ඨ පාපැදි තරඟයට ද සහභාගී වීමට නියමිතය. වැඩමුළුවට සමගාමීව පැවැත්වෙන අන්තර් ජාතික අදියර 1 පාපැදි පුහුණු පාඨමාලාවට සහභාගී වීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya