අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” ගාල්ල තවලම විද්‍යාරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී

    ජනවාරි 23, 2019

    ''වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” සමාරම්භක උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතගේ ප්‍රධානත්වයෙන් 2019 ජනවාරි මස 24 වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 09.00ට ගාල්ල තවලම විද්‍යාරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ශ්‍රී ලංකාව තුළ කුඩා තේවතු හිමියන් ලක්ෂ පහක් පමණ තම ජීවිකාව පවත්වා ගෙන යනු ලබන අතර තේ නිෂ්පාදනයෙන් 73% ක්ම නිපදවනු ලබන්නේ කුඩා තේවතු හිමියන් විසිනි. රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන වගාවන් අතර තේ ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි. කුඩා තේවතු හිමියන් රටට ඉතාමත් වැදගත් කාර්යය භාරයක් ඉටු කරන පිරිසකි. මේ නිසාම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ සංකල්පයකය අනුව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ “ වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු සංවිධානය විය.


    රටේ දුවාදරුවන්ට මහඟු කාර්යය භාරයක් ලබා දුන් මහවැලි ක්‍රීඩා උත්සවය ආරම්භ කළේ  ගාමිණී දිසානායක මැතිඳුන් විසිනි. එදා එම ක්‍රීඩා උළෙල නිසා දක්ෂ ගම්බද දරුවන් ජාතික තලයට ගෙන යාමට පිටුවහලක් විය. ඒ නිසාම සැඟවුණු දක්ෂතා ඇති රට පුරා විසිරී සිටින කුඩා තේවතු හිමියන්ගේ දරුවන්ට ක්‍රීඩාව තුළින් ඉදිරියට යාමට අවස්ථාවක් මෙම ක්‍රීඩා උත්සවය තුළින් ලබා දීම අරමුණ වේ. ක්‍රීඩා උළෙල කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya