අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයන්ගේ පැමිණීම 10.3% ක වර්ධනයක්

    ජනවාරි 04, 2019

    2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 10.3%න් වර්ධනය වීඇති බව නවතම සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වේ. ශ්‍රී ලංකා සංකාරක අධිකාරියේ වාර්තාවලට අනුව 2018 වර්ෂයේ සංචාරක පැමිණීම මිලියන 2,333,796 ක් පෙන්නුම් කරයි.

    එය 2017 වර්ෂයේ මිලියන 2,116,407ක් විය. සංචාරකයන්ගේ පැමිණීම පෙබරවාරි,මාර්තු,ජුනි හා නොවැම්බර් මාසවලදී ඉහළ මට්ටමක පැවතුණ අතර පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ පමණක් 253,169 ක වර්ධනීය අගයක් පෙන්නුම් කරනු ලබන්නේ එම මාසය සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණි දෙසැම්බර් මාසය බැවිනි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසන්නේ, පසුගිය සමයේ ඇති වූ දේශපාලන අර්බුද නොසලකා ද සංචාරක පැමිණීම බිලියන 3.5ක ඉලක්කයක්ගා ළඟා කරගෙන තිබෙන බවයි.

    2019 වර්ෂයේදී සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමකට පත් වෙමින් ශ්‍රී ලංකාව අංක එකේ ස්ථානයට පත්වනු ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් පවසයි. මෙම වර්ෂයේදී පසුගිය වර්ෂයට වඩා මිලියන 04ක සංචාරක වැඩි වීමක් අපේක්ෂා කරන අතර 2019 වර්ෂය අවසානයේ ඩොලර් බිලියන 5ක සංචාරක ආදායමක් ළඟා කර ගැනීමටද කටයුතු කරන බවද අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

    සංචාරක අධිකාරියේ වාර්තාවලට අනුව ඉන්දියාව,චීනය,එක්සත් රාජධානිය හා ජර්මනිය සංචාරකයන් බහුල ලෙස මෙරටට පැමිණෙන රටවල් බවට පත් වී ඇති අතර 2018 වර්ෂය වන විට ඕස්ට්‍රේලියාවෙන් ද සංචාරක පැමිණීමේ විශේෂ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya