මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියට සුබ පතයි- ශ්‍රී ලංකා-බංග්ලාදේශ අග්‍රාමාත්‍යරු දුරකතන සාකච්ඡාවක

    ජනවාරි 02, 2019

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මැතිනිය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

    ඊයේ (01 වන දා) දහවල්අ ග්‍රමාත්‍යවරුන් දෙපළ දුරකථන සාකච්ඡාවක ද නිරත වූ අතර, එහි දී ද්විපාර්ශවික කරුණු කීපයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

    වික්‍රමසිංහ මහතා යොමු කළ සුභ පැතුම් පණිවිඩයේ සිංහල පරිවර්තනය මෙසේ ය.

    බංග්ලාදේශ ජනරජයේ නොබෝදා පැවති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් පිට පිටම තුන්වන වතාවටත් ඔබ පක්‍ෂය ලද ජනවරමට මාගේ හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට ලැබීම ගැන බෙහෙවින් සතුටු වෙමි.

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිගු කලක සිට පැවත එන මිතුදමත්, සබැඳියාවත් තව තවත් ශක්තිමත්ව චිරාත් කාලයක් පවතිනු ඇති බව මම උදක්ම අපේක්‍ෂා කරමි. බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වශයෙන් ඔබගේ නව ධූර කාලය ආරම්භ කරන මේ මොහොතේ ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවත් බංග්ලාදේශ ආණ්ඩුව ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවත් අතර තහවුරු වන ශක්තිමත් සබඳතා දිරිගන්වනු කැමැත්තෙමි. ඉතාමත් සාර්ථක ධූර කාලයකට සුභාශිංසන පරිනමමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya