අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උත්සවය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී

    දෙසැම්බර් 06, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල අද (06 ) පෙ.ව. 9.00 ට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කය පුරා විවිධ දෙපාර්තමේන්තු සහ රජයේ ආයතනවල සේවය කරන නිලධාරීන්ට මෙම ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට හැකියාව ලැබෙන අතර 06 සහ 07 යන දෙදින පුරාම ක්‍රීඩා උත්සවය පැවැත්වෙනු ඇත. ජවන සහ පිටියේ තරඟ ඉසව් රැසකින් සමන්විත මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.


    තරගාවලියේ සමාප්ති උත්සවය 2018.12.07 වැනි දින ප.ව. 3.00 ට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එන්.පී.ජී. තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උ‍ළෙල සම්බන්ධීකරණය කරන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya