අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2018 දෙසැම්බර් 21 දා

    දෙසැම්බර් 08, 2018
    2018 - ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 21 දින පෙරවරු 9.00 සිට ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය. 
     
    ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වේ. මේ සඳහා අයදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදුකරනු ලබන අතර අයදුම්පත් භාර ගැනීම මේ මස 17 දිනෙන් අවසන් වේ.
     
    ක්‍රීඩා උළෙල ජවන හා පිටිය තරගවලින් සමන්විත වන අතර වයස අවුරුදු 30ට අඩු හා අවුරුදු 30 සිට 55 දක්වා විවිධ වයස් කාණ්ඩයන්ගෙන් යුත් රාජ්‍ය නිලධාරීන්ට ක්‍රීඩා තරග සඳහා අයදුම්පත් යොමු කළ හැක. 
     
    දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගම්පහ ලිපිනයට හෝ ෆැක්ස් අංක 033-2222900 හෝ  අයදුම්පත් යොමු කළ හැක. 
     
    මේ පිළිබඳ වැඩි විස්තර 033-2222235/ 071-4493257/ 071-8840779/ 071-4933112 හා 077-8074539 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැක.
     
    DMU/Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya